සහල් මිල තවත් වැඩි වෙන්නේ නෑ - ඩඩ්ලි
සහල් මිල තවදුරටත් වැඩිවන්නේ නැති බවත් මෙය උපරිම මිල බවත් අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. ගාල්ල හෝල්ඩ්ගොල් ශාලාවේ දී ඊයේ (11) පස්වරුවේ දි පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිරිසේන මහතා මේ බව සදහන් කළේය.
මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහත මෙසේද කිවේය.
“තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සදහා වැඩියෙන් වි වගා කළ යුතුයි. රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම මට ගන්න බැහැ. එක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි.කාබනික පොහොර හොද වැඩපිළිවෙළක් එය කළ ආකාරයේ ප්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ” යැයිද ඩඩ්ලි සිරිසේන මහතා සදහන් කළේය.
රවින්ද්‍ර ශ්‍රී ලාල් /චන්දන සමරවික්‍රම
popular news
-
Deepal Nirosh Wednesday, 12 January 2022 08:53 AM
ඔබතුමා හාල් මිල වැඩි වෙන්නෙ නැහැ කියනව නම් අපිට 100%ක් විශ්වාසයි. නැතුව මේ අහක ඉන්න ජනාධිපතිල අගමැතිල ඇමතිල කියන ඒව නම් අපට 0%ක්වත් විශ්වාස නැහැ. ජය ශ්‍රී....!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

