මෙරට සහල් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් ඉදිරියෙදී විධිමත් ක්‍රමවේදයක් සකසන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
ඒ පිළිබඳ අද (08) මාධ්යා වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා,
මේ ගැසට් නිවේදනය ඉවත් නොකලානම් වෙන්නේ රජයට අපක්ෂපාති ඇතැම් පිරිස් විසින් කෘතීම සහල් හිගයක් වෙළඳපොල තුළ නිර්මාණය කිරීමයි. කෘතීමව ඒ හිගය ඇති කරලා අධික මිලකට සහල් විකුණන්න මේ අය කටයුතු කරනවා. අන්න ඒ නිසයි ආණ්ඩුව ඒ තිබුණු පාලන මිල සම්බන්ද ගැසට් පත්‍රය ඉවත් කළේ.
මේ රටේ ජනතාවට සාධාරණව සහල් මිලදී ගන්න පුලුවන් ප්‍රථිපත්තියක් නිර්මාණය කරන්න සහ තව පැත්තකින් ගොවියා ශක්තිමත් කිරීමයි මේ සිදු කළේ. අද වන විට වී කිලෝව ගොවියා රුපියල් 28 – 30 වී විකුණපු යහපාලන යුගය අවසන් කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ ඉතිහාසයේ ගොවියාට ලබා දුන් වැඩිම වී මිල ලබා දීලා තියෙනවා. ඒ තුළින් ගොවියා ආරක්ෂා කිරීමේ ප්‍රථිපත්තිය අපි තහවුරු කරලා තියෙනවා. ඒ එක්කම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම, තහවුරු කිරීම අපිට වැදගත් වෙනවා. ඒ හින්දා තමයි මේ පවතින වසංගත කාලය තුළ හිඟයකින් තොරව ජනතාවට අත්‍යඅවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට අවශ්‍ය වැඩ පිළිවල සඳහා අපි රජයක් හැටියට තීන්දු තීරන වෙනස් කරන්න සූදානම්. අපි හිතුවක්කාර ආණ්ඩුවක් නොවේ. ජනතාවගේ අවශ්‍යතාවය මොනවද කියලා හොයලා අපි ඒවට ගැලපෙන ආකාරයට අපේ තීන්දු වෙනස් කරන්න සූදානම්. අපි ජනතාව කිසිම මොහොතක අපහසුතාවයකට පත්වන අයුරින් වැඩ කරන්න සූදානම් නෑ. ඒ සඳහා මීට වඩා ක්‍රමවත් වැඩ පිළිවලක් ඉදිරියෙදී සකස් කිරීම අවශ්‍ය වෙනවා.