ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධියක් වුණේ නෑ - ජනපති
ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත් බවට වාර්තා වන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අද (16දා) ජනපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙවැනි ආකාරයක සිදුවීමක් සිදුව නොමැති බවට පරීක්ෂණයෙන් ඔප්පු වී ඇති බවත් සී.සී.ටී.වී. දර්ශන හා දුරකතන දත්ත විශ්ලේෂණය කළ විට එවැනි සිදුවීමක් සිදුව නොමැති බවට පැහැදිලි බවත් ඔහු සඳහන් කරයි.
" තානාපති කාර්යාලයෙන් වගකීමක් තිබුණා සේවයෙකු පහැර ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලන්න. අගමැතිතුමා පරීක්ෂණය දුන්නා. තාම පරීක්ෂණය යනවා. මේ සඳහා සේවිකාවගේ සහාය අවශ්‍යයි.
ස්විස් තානාපති කාර්යාලය ගැන ගැන කිසිම සැකයක් නෑ. මෙකේ වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි." යැයි ඔහු පැවැසීය.

popular news
-
Deepal Nirosh Monday, 16 December 2019 03:47 PM
තානාපති කාර්යාලයේ පැහැර ගැනීම් සිද්ධියක් සිදු නො වුණත් කිසියම් සිද්ධියක් සිදු වී තිබෙනවා. ඒය තනි සිද්ධියක් නොව ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් වීම අපේක්ෂිත කාලයේ සිටම සිදු වෙමින් පැවති සිද්ධි දාමයක තවත් ඒක පියවරක් පමණයි. ඒ් නිසා මේ පරීක්ෂණ මේ දක්වා කරගෙන ආ පරිදිම ඉදිරියට ගෙන ගොස් සත්‍ය සිදුවීම තහවුරු කරගෙන ඉදිරියට සිදුවීමට ඉඩ ඇති තවත් සිද්ධි කළමණාකරණය කර ගැනීම රටක් වශයෙන් අපට අත්‍යාවශ්‍යයි. ඒහි මූතික වගකීම හා වගවීම පැවරී ඇත්තේ රටේ රාජ්‍ය නායකයාටයි.
Reply : 0 0
Gamage Monday, 16 December 2019 06:27 PM
හොරාගේ අම්මා ගෙන් පේන අහනවා වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

