ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත්‍රවල දත්ත හොර රහසේ ලබා ගනිමින් එම දත්ත උපයෝගි කරගනිමින් අනවසරයෙන් පුද්ගලයන් සතු මුදල් ලබා ගන්නා ජාත්‍යන්තර සංවිධානාත්මක කල්ලියක් ඊයේ (16) මාතර , මිරිස්සේදි අත්අඩංගුවට ගත්බව කොටවිල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෝලන්ත ජාතිකයන් තිදෙනෙක්, බල්ගේරියානු ජාතිකයෙක් සහ එස්තපෝනියානු ජාතිකයෙක් වෙන අතර මොවුන් අතරට කාන්තාවක්ද ඇතුලත් වේ.
වසරක පමණ කාලයක් එක් රටක කි‍්‍රයාත්මක වෙමින් මෙම ජාවාරම මොවුන් සිදුකර තිබු අතර මාතර, මිරිස්ස ප්‍රදේශයේ ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත්‍රයක පසුගිය 12 වනදා ‘‘ටියුන්නෙටිවොර්ක්’’ නමැති උපාංගයක් මෙම පිරිස විසින් සවිකරන ආකාරය බැංකුවේ ආරක්ෂිත කැමරාවක සටහන්වි තිබෙන අතර එම උපාංගය මගින් සටහන්වන දත්ත මගින් මෙසේ මුදල් කොල්ලකැම සිදුකොට තිබේ . ඒ අනුව කොටවිල පොලීසිය වහා සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා කි‍්‍රයාකොට තිබේ .
අත්අඩංගුවට පත් විදේශිය සැකකරුවන් සන්තයේ තිබි මල්ටි මිටරයක් , ජංගම දුරකථන , ලැප්ටොප් පරිගණක , කුඩා කැමරාවක් ඇතුළු ඉලෙක්ටොනික උපකරණ සොයාගෙන තිබු අතර ශි‍්‍ර ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහය ඇතිව එම උපකරණ කොටස් හඳුනා ගැනිම සිදුකරනු ලබයි .
එසේම එම සංසඳයේ නියෝජිතයෙක් පවසා සිටියේ මෙවැනි ජාවාරමක් සම්බන්ධව ශි‍්‍ර ලංකාවේ සිදුකළ පළමු වැටලිම මෙය බවත්ය.
මාතර කොට්ඨාසයභාර පොලිස් අධිකාරි අනිල් පි‍්‍රයන්ත මහතාගේ උපදෙස් මත , කොටවිල පොලීසියේ ස්ථානාධිපති ජානක තුෂාර මෙහෙයවිම මත මෙම වැටලිම සිදුකොට තිබෙන අතර අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
