සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වනවා.
තමන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ් පතෙහි සදහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.
යම් අයෙකුට අදාළ දිනයට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකි වුවහොත් ඒ පිළිබද ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා දැනුවත් කර වෙනත් දිනයක් ලබාගත හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.