සයිනොෆාම් එන්නත් මාත්රා ලක්ෂ 20ක් දිවයිනට
- 6 08 2021
- 10:14
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
චීනයේ සයිනොෆාම් එන්නත් මාත්රා 20 ලක්ෂයක් , ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මෙම එන්නත් එක් ගුවන් යානයක එන්නත් මාත්රා ලක්ෂ 10 බැගින් අසුරා තිබේ .
මෙම එන්නත් තොගය රැගත් පළමු ගුවන් යානය වූ ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1869 දරන විශේෂ භාණ්ඩ ප්රවාහන ගුවන් යානය අද දින උදෑසන 09.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වී තිබේ .
ඉන්අනතුරුව දෙවන ගුවන් යානය වන , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන විශේෂ භාණ්ඩ ප්රවාහන ගුවන් යානය ද චීනයේ බෙයිජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන 09.30 ට පැමිණ තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
