සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා
සමාජ මධ්‍ය හා වෙනත් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට යම් යම් පිරිස් කි‍්‍රයාකරද්දී ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදි ධනාත්මක ප්‍රතිරූපය පෙන්වීමට කඩිනම් පියවර ගැනීමේ අව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
විදේශීය රටවල් 10ක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් නව තානාපතිවරු 10ක් පත්කිරීමේ අවස්ථාවට ඊයේ ඒක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
රාජ්‍ය දූත ප්‍රධානින්ගේ ප්‍රධාන සහ පළමු වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශයන්හි ප්‍රවර්ධනය කිරීම සහ තමන් සිටින රටවලින් උපරිම සහයෝගය මෙරටට ලබා ගැනිමට කටයුතු කිරීම බවද ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බවත් ලංකාවේ විදේශ පිළිවෙත සියලු ජාතින් සමග මිත්‍රත්වය පවත්වා ගැනීම බවත් ජනපතිවරයා පවැසීය.
යම් හේතුවක් මත එම ද්විපාර්ශ්වික මිත්‍රත්වයට පළුද්දක් ඇතිවී තිබේ නම් එය වහාම නිවැරදි කිරීම ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින්ගේ වගකීම බවත් ඔහු පෙන්වා දුන්නේය.

popular news
-
anonymous Sunday, 12 August 2018 12:33 PM
Is it true that you have used your duty free car permit facility for MPs to purchase a vehicle? Please tell the public what type of a vehicle, the cost and what you have done with it? මම ඔබට යෝජනා කරන්නේ ඔලුවෙන් හිට ගන්න විට කලිසමක් endaganna .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
