සම්පූර්ණ වන්දියම ගෙවීමට ගිනිගත් නැවේ සමාගම කැමති වෙයි
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගම දැනුම්දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුළත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ප්‍රකාශ කළේය.
මෙම මුදල් ගෙවන තෙක් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය අවසරය ලබා නොදීමටද රජය තීරණය කර තිබේ.

popular news
-
janahitha Sunday, 27 September 2020 11:57 AM
gahen vatunu minihata gona anna vaniya srilankikayan vana api karapu udavvak sandaha kappam laba ganna jathiyak novemu aththavashayaenma karanalada viyadamen kotasak pamanak thabagena ithiri mudal vahama apasu labadena lesa illamu ovun kamaththe nam pamanak ema mudalin pilika rohale godanagillak idikara dena lesa illa sitiya hakiya lankikayo pitaratiyangen kappam noganna jathiyak bava oppu kalayuthuya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

