සැමට ආදර්ශයක් දුන් අපූරු විවාහ උත්සවය
දරුමුණුපුරන්ගෙන් වෙන්ව සිටින වැඩිහිටි දෙමවුපියන්ට දෙමවුපියන්ගේ ආදරය අහිමි පුතුන් මුණගස්වා ඔවුන් වෙනුවෙන් ප්රියසම්භාෂණයක් පැවැත්වූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා මාතලේ ඉඹුලන්ද වැඩිහිටි නිවාසයේදී පැවැත්විණි.
මාතලේ පලාපත්වල නිල්දියඋයන පදිංචි වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු වන සංජීව අරුණසිරි මහතාගේ සහ චරිතමාලි ගයාශානි මෙනවියගේ විවාහ උත්සවය අන් අයට ආදර්ශයක් දෙමින් පැවැත්වීම මුළුමහත් සමාජයටම ආදර්ශයකි.
ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසයට කවටයාමුණ ළමා නිවාසයේ ළමයින්ද එකතු කර ගනිමින් මෙම උත්සවය පැවත්වුණු අතර, වැඩිහිටි නිවාසයේ සියලු දෙනාට ආහාරපානවලින් සංග්රහ සිදුකර තෑගිභෝග පිරිනැමීමටද ඔවුහු අමතක නොකළහ. රසවත් සංගීත වැඩසටහනක්ද එහිදී පැවැත්විණි.
මාතලේ - විශේෂ මහේෂ් කීර්තිරත්න






popular news
-
Champa Tuesday, 25 September 2018 07:38 PM
මොන තරම් උතුම් ආදර්ශයක්ද? මේවා තමයි සමාජ ජාලා වලින් ප්රසිද්ධිය දෙන්න ඕනේ දේවල්. හැමෝටම දැන ගන්න සහ තමනුත් මේ වගේ උතුම් දේවල් කරන්න පෙළඹෙන්න. ලංකාවේ මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ තවමත් නොනැසී පවතිනවා කියන එක දකින්න ලැබෙන එක හරිම සතුටක්. ඔබ දෙදෙනාට ඉතාම සාර්ථක යුග දිවියක් ප්රාර්ථනා කරනවා.
Reply : 0 38
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

