සමගි ජන බලවේගයට රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙලක් තියෙනවා
සමගි ජන බලවේගයට රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙලක් ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා පවසයි.
වත්මන් රජය බලයෙන් පහා කර සමගි ජන බලවේගයට රජය භාරදුන්න හොත් රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙලක් තම පක්ෂයට ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් සහ මහනුවර දිස්ත්‍රික් පා.ම තිස්ස අත්තනායක මහතා පැවසිය.
තිස්ස අත්තනායක මහතා ඒ බැව් කියා සිටියේ (20) දින නාවලපිටිය පල්ලේගම ශ්‍රි නන්දනාරාම විහාරස්ථානයේ සදහන්යාත්රා වැඩසටහනට එක් වෙමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම තිස්ස අත්තනායක මහතා කියා සිටියේ
ලංකානු දේශපාලනය පෙරලිකාරි වෙමින් පවතිනවා , ජනතාව විශාල බලාපොරොත්තු රැසක් සමග ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත් කරා. ජනතාවගේ බලාපොරොත්තු බිදිලා තියෙනවා , ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැ. ජිවන වියදම , ගොවි ගැටළු සහ අනෙකුත් ගැටළු හිතලා ඇති කරපු ඒවා නැතුව කොවිඩ් නිසා ඇති වුණ ගැටළු නෙවෙයි. එම නිසා දේශපාලනයේ උඩුයටිකුරු විමක් ළගදිම සිදු වෙයි.
මේ අයවැය අපි සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා , මේ අයවැයෙන් කිසිදු ජනතා ප්රශ්නයටවත් , ජාතික ප්‍රශ්නයකටත් විසදුම් නැ. අනෙකුත් රටවල් මේ කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒම සදහා ජාතික වැඩපිලිවෙල් දියත් කරනවා. අයවැයෙන් මුලික කරන්න තිබුණේ මොකක්ද රටගොඩ ගැනිම සම්බන්ධයෙන් , මොකක්ද කරේ? තමන්ගේ හිතවතුන් පොසත් කරන්න කටයුතු කරපු එක. බදු විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා , බදු වැඩි කරාම මොකක්ද වෙන්නේ කියලා රජය දන්නවා. අයවැයේ කිසිදු අයවැයක් නැ , සුන්දර කතාවක් විතරයි, ලංකානු ඉතිහාසයේ මේ වැනි දුර්වල අයවැයක් තිබිලා නැ.
අපේ විරෝධතා ව්‍යාපාරයට ආණ්ඩුව විශාල වශයෙන් බාධා කරා , විශේෂයෙන්ම පොලිසිය , පොලිසියට අදාල රාජකාරියක් නෙවෙයි ඒක. පොලිස්පතිවරයා නිකුත් කල ගැසට් පත්‍රය ප්රජාතන්ත්රවාදි කිසි කෙනෙක් අනුමත කරන්නේ නැ. ජනතාවට කතා කරන්න තියෙන අයිතිය නැති කරන්න බැ. කොවිඩ් පාලනයට පැන වු නිති ජනතාව පාලනය කරන්න යොදවන්න බැ කියලා කියන්නේ අධිකරණය. ආණ්ඩුව ක්‍රියා කරපු විදිහ ඉතාමත් ලැජ්ජා සහගතයි , 16 වෙනිදා පැවැත් වු උද්ඝෝෂණය ඉතාමත් සාර්ථකයි.
අපිට බාධා කල පුද්ගලයන්ට එරෙහිව මුලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරිමට අපි කටයුතු කරනවා. මහජන නිදහසට අයිතියට රාජ්‍ය බලය යොදාගෙන යටපත් කරන්න හදනවා නම් එයට විරුද්ධව කටයුතු කරන්න අපි සුදානම්. මේ ආණ්ඩුව ගෙදර යවලා අපි භාර ගත්තොත් රට ගොඩ නගන්න ජාතික වැඩපිලිවෙලක් තියෙනවා අපිට. රටේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 අඩු වෙලා තියෙනවා, මාසයක් ජිවත් වෙන්න බැ අපිට. රටට බඩු ගෙන්න සල්ලි දැඩි අර්බුධයකට පත් වෙලා තියෙනවා. රටේ අදායම වැඩි කර ගන්න ඕනි , විදේශ විනියම උපයන්න ඕනි. ජාතික සමගි ජන බලවේගය ඕනැම අවස්තාවක රට භාර ගන්න සුදානම් , අපිට දිර්ඝ කාලින සැලසුම් තියෙනවා යනුවෙන් පැවසිය.
popular news
-
Rashath Udawatta Saturday, 20 November 2021 09:11 PM
To be honest Sajith and his party does not have a clue to develop the country. Currently they are having very distrustful mission and not helping to control the COVID and other issues. Only distraction and getting the country bad to worse. No construct ideas or policies in forward. There are no bond and only separation as far as I could see as a person who is living outside the country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

