සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අවධානය
සීනි රහිත පැණිබීම වෙළෙඳ පොළෙන් ඉවත් වීම වළක්වා ගැනීම සඳහා සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.
එහිදී සීනි ග්‍රෑම් හයක් අඩංගු පලතුරු බීම සඳහා බදු පැනවීමෙන් තොරව කටයුතු කිරීමටත්, අනෙකුත් සාමාන්‍ය පැණිබීම සඳහා බදු පැනවෙනු ඇති බවත් සඳහන් වේ.
ඒ අනුව මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අනිද්දා (05දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වීමටද නියමිතය.
මෙම බදු පැනවීම පිළිබඳ ඊයේ (02දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති අතර, එහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දී ඇත්තේ සීනි සහිත පැණිබීම සඳහා බදු ඉවත් කිරීම තුළ සීනි රහිත පැණි බීම වෙළෙඳ පොළෙන් ඉවත් වනු ඇති බවයි.
බෝ නොවන රෝග පාලනය සඳහා සීනි සහිත පැණිබීම සඳහා බදු පැනවීමට තමන් ගත් ක්‍රියාමාර්ග වැදගත් වන බවත්, ඒ අනුව එය මුදල් අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය යුතු කරුණක් වන බවත් හෙතෙම එහිදී පවසා තිබේ.

popular news
-
චමින්ද Thursday, 04 July 2019 09:51 AM
ඔබතුමා ජනයාගේ නිරෝගි සුවය සඳහා කටයුතු කරද්දී ඉන් බඩේ පහර වැදුනු පිරිසක් ඔබේ ප්‍රජාඅයිතිය අහෝසිකරන්න කියා පෙත්සම් ගහනවා ඔබතුමා පත්වූදා සිටම ජනයාගේ යහපත් සෞඛ්‍යයක් සඳහා දැඩි වෙහෙසක් ගත්තා එක් මොහොතකින් සියල්ලම අමතක කරන .මේ පෙත්සම් අත්සන් කරන මෝඩයින්ගේ මොළ දියුණුවෙන්න ක්‍රමයක් සකසන්න බැරිද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

