සෙනසුරාදා චීනයේ රෝගීන් 14ක් වාර්තා වෙයි
බීජිං, මැයි 10 (ෂින්හුවා) - චීන ප්‍රධාන භූමිය තුළ සෙනසුරාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 14 ක් වාර්තා වී තිබේ.
ඉන් රෝගීන් දොළොස් දෙනෙකු දේශීය සම්ප්රේෂණ් වෙයි. ඉන් 11 ක් ජිලින් පළාතේද, අනෙක හුබෙයි පළාතේද වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම දිනපතා වාර්තාවක සඳහන් කරයි.
ඉතිරි රෝගීන් දෙදෙනා විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් වෙයි. කොමිසමට අනුව සෙනසුරාදා ප්‍රධාන භූමියේ කිසිදු මරණයක් වාර්තා වී නොමැත.
සෙනසුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 74 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය අතර බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 13 දක්වා අඩු විය.
සෙනසුරාදා වන විට, ප්‍රධාන භූමියේ තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 82,901 ක් වන අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 148 කි. සුවය ලැබීමෙන් පසු මුදා හරින ලද පුද්ගලයින් සංඛ්‍යාව 78,120 ක් වෙයි.
මෙම රෝගයෙන් පුද්ගලයින් 4,633 ක් මියගොස් ඇති බව කොමිසම පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

