සෞදියේ කරදරවලට ලක්වූ 288ක් ගෙන්වා ගනියි
- 1 02 2021
- 07:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් විවිධ හිරිහැර, කරදර වලට ලක් වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
මෙම පිරිස කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා වැඩසටහන යටතේ මෙසේ රැගෙන විත් තිබුණි .
මෙසේ පැමිණි පිරිස අතර වැඩි දෙනෙකු සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් වූහ.
මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි..
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
