මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් 225කට සතොස හරහා මිලට ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හෙතෙම සඳහන් කර සිටියේ, මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් 450කට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ගොවීන්ගෙන් ලබාගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය දිස්ත්‍රික් මට්ටමින් කටයුතු යොදා ඇති බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ, මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් 850ක් වැනි මුදලකට විවෘත වෙළෙඳ පොළෙහි මේ වනවිට අලෙවි වන බවයි.
ඒ අනුව මුංඇට මිල ස්ථායි කර පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.