සටන්කාමී විමුක්තිකාමීන් සහ ස්විස්ටර්ලන්ත නියෝජිතයින් අතර හමුවක්
ස්විස්ටර්ලන්තයේ ශ්රී ලංකාව පිළිබඳව පත්කොට ඇති මහලේකම් කිසෙල් ස්සෙලප්වරිය ඇතුළු නියෝජිතයින් පිරිසක් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වූ සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් යාපනයේදී පැවැත්විය.
යාපනයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම හමුව පැවති අතර මෙම සාකච්ඡාවට සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂනායක කේ.තුලසි ඇතුළු එම පක්ෂ ක්රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂනායක කේ.තුලසි විසින් මහලේකම් වරියට පවසා ඇත්තේ මේ වනවිට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජික පිරිස් සිටින පවුල් රැසකට එදිනෙදා බලපාන ආර්ථිකමය හා සමාජමය ඇතුළු ගැටලු රැසක් ඇතිව තිබෙන බවටත් අදාළ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට රජය විසින් සැලකිල්ලක් නොදැක්වන බවටයි.
එමෙන්ම යුද සමයේදී අතුරුදහන් වූවන් හා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන්ද මේ වනවිට ගැටලු රැසක් ඇතිව තිබෙන හෙයින් ස්විස්ටර්ලන්ත රජය වශයෙන් ශ්රී ලංකා රජය සමඟ සාකච්ඡා කොට අදාල ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා ඇත.
එහිදී ස්විස්ටර්ලන්ත මහලේකම් වරිය වූ කිසෙල් ස්සෙලප් මහත්මිය විසින් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තම නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවටද පවසා සිටියාය.


popular news
-
Champa Monday, 18 February 2019 04:30 PM
මොකක්ද මේ නම? පුනරුත්ථාපනය වුනා නම් සටන්කාමී විමුක්තිකාමීන් වුනේ කොහොමද? ඊට වඩා තේරුමක් තියෙනව "අපි තාම කොටි" කියලා කෙලින්ම නම දා ගත්ත නම්. ඊළඟට කොටි පාර්ලිමේන්තුත් එයි. සිංහලයන්ට මොලේ තියෙනව නම් ඊළඟ මහ මැතිවරණෙට යන්න කලින් කරන්න හුඟක් දේවල් තියෙනව. දැනටම පාර්ලිමේන්තුවෙන් 1/4ක් සුළු ජාතීන්. මැතිවරණ සිතියම බලපුවහම පැහැදිලි අසාධාරණයක් වෙලා තියෙන බව පේනවා. උදාහරණයක් විදිහට චන්ද 515,963ක් ගත්ත TNA එකට ආසන 16ක් හම්බ වෙනකොට චන්ද 543,944 ගත්ත JVP එකට අආසන 6යි. 2012 ජන සංඝණනය අනුව කොළොඹ දිස්ත්රික්කයේ මුස්ලිම් 242,728ක්ද, දෙමල 231,318ක්ද, වතු දෙමල 27,336ක්ද වශයෙන් සුළු ජාතීන් 501,382ක් කොළොඹ දිස්ත්රික්කයේ ඉන්නවා. යාපනය දිස්ත්රික්කය ගත්තොත්, ඔක්කොම එකතුව සුළු ජාතීන් 580,012ක් ඉන්නවා. සිංහලයන් ඉන්නේ 3366ක් විතරයි. මේක ඉතාම අසාධාරණයි. කොළොඹ ඉන්න සුළු ජාතීන් ප්රමාණයට සමාන ප්රමාණයක් යාපනේ සිංහලයන් ඉන්න ඕනේ. ඒ කියන්නේ තව සිංහලයන් 498,016ක් උතුරේ පදිංචි කරන්න ඕනේ. සිංහල දේශපාලකයෝ මේවා ගැන කතා කරන්නේ නැහැ. උතුරේ මුල් පදිංචිකරුවන් සිංහලයෝ. අඟලෙන් අඟලට බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් තියෙන්නේ ඒකයි. හැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
