සජබ ඡන්දයෙන් මාලිමාව තණමල්විල අයවැය දිනයි
තණමල්විට ප්රාදේශීය සභාවේ 2027 අයවැය වාර්තාව (13) වෙනිදා දෙවන වර සභා සම්මත විය.සභාපති මහේෂ් බණ්ඩාර මහතා විසින් අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කරන ලදි.
මෙම අයවැය ලේඛනය පළමු වරට ඉදිරිපත් කළ අවස්ථාවේ එය පරාජයට පත් විය.දෙවන වර ඉදිරිපත් කිරීමේදී ඊට පක්ෂව ඡන්ද 17 සහ විපක්ෂව ද ඡන්ද 17 ලැබුණු අතර සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය ලේඛනය සභා සම්මත විය.
තණමල්විල ප්රාදේශීය සභාව,ජාතික ජන බලවේගය 16,සමඟි ජන බලවේගයේ 09,ශ්රීලංකා පොදු ජන පෙරමුණ 03,එක්සත් ජාතියක් පක්ෂය 02,පොදුජන එක්සත් පෙරමුණ 04 බැගින් මන්ත්රීවරු නියෝජනය කරයි.
ඒ අනුව ආණ්ඩු පක්ෂයට මන්ත්රීවරුන් 16 සහ විපක්ෂයට 18 දෙනෙක් සිටියත් සජබ මන්ත්රීවරියක් අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය ප්රකාශ කිරීම නිසා ඊට පක්ෂව ඡන්ද 17 බැගින් සමව ලැබිණි.පසුව සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය ලේඛනය සභා සම්මත විය .
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
