කොවිඩ් 19 වසංගතය පහව යාමෙන් පසු මෙරට සංචාරක හා ආයෝජන කේෂ්ත්‍ර නංවාලීම සඳහා කැනඩා රජය සිය පූර්ණ සහාය පල කරයි.
ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට කැනඩා රජය කැමැත්තෙන් සිටින බව මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා පවසයි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කැනඩා මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (30) සංචාරක අමාත්‍ය කාර්යාලයේදී සිදු වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරිණ.
කැනඩා මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේම සංචාරක කර්මාන්තය අර්බුද රැසකට මුහුණ පා සිටින බවයි. ශ්‍රී ලංකාව කොවිඩ් පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග ඉතා ප්‍රශංසනීය බවද ඔහු කියා සිටියේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියාසිටියේ පවතින තත්ත්වය යටතේ නව සංචාරක සැකසුම් හා ක්රමෝපායන් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි. ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමේ සැලසුමක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය එළඹෙන ශීත කාලයේදී කොවිඩ් 19 පැතිරීමේ වර්ධනයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම කල් යා හැකි බව කීවේය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a35ba71f59.jpg)