සංචාරක ආකර්ශනය වැඩිවන අයුරින් මිරිජ්ජවිල උද්භිද උද්‍යානය දියුණු කරනවා
සංචාරක ආකර්ෂණය වැඩිවන අයුරින් මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යාන දියුණු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය වන මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයේ අද (30) දින පස්වරුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා රාජ්‍ය අමාත්‍ය ඩි.වී .චානක මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
විශේෂයෙන්ම ඉදිරියේදී සිදුවන සංවර්ධන වැඩසටහන් වලදී මෙම වියළි කලාපීය උද්භිද උද්‍යානයද ඇතුල් කරගනිම්න් සංචාරක ආකර්ෂණය වැඩි කරන ආකාරයෙන් මෙම උද්‍යානය සංවර්ධනය කිරීමට පියවර ගන්න බව නිරීක්ෂණයට එක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.
එමෙන්ම පසුගිය ආණ්ඩුව මගින් මේ කෙරෙහි අවධානය නොකරමින් කටයුතු කිරීම නිසා මේ තුලින් සංචාරක ආකර්ශනය ගිලිහි ගිය බවත් එම ගිලිහි ගිය දෙස් විදෙස් සංචාරක ආකර්ශනය මේ කෙරහි යෙමු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක්ද සකසන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
ලංකාවේ වසර 131කට පසුව 2008 වසරේදී අක්කර 300 පමණකින් යුත් මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය ආරම්භ කරන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

