සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝගින් අසිරුතාවයට
- 11 06 2021
- 15:25
- {{hitsCtrl.values.hits}} views
- ..
සෞඛ්‍ය වෘත්තිය සමිති 26 ක සාමාජිකයින් රාජකාරිවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක සේවාවලට දැඩි බලපෑම් එල්ල විය.
ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ, දීමනා ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බවය.
සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්වලට පැමිණි ජනතාව දැඩි පිඩාවට පත්විය.
ප්‍රාදේශීය රෝහල් ගණනාවක ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පැමිණි රෝගීන් දැඩි පීඩාවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
