සෞඛ්‍ය අමතියි ඇමතිගේ පවුලයි අමාත්‍යංශය පාලනය කරනවා
ලේකම්වරයා ඇතුළු බලධාරීන් පාලනය කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පවුලේ පිරිස් විසින් පාලනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සියලු නීතිමය ක්‍රම‘වේද උල්ලංඝනය කරමින් මේ වනවිට වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට කටයුතු කරමින් සිටින බවත්, මීට අමතරව සෞඛ්‍ය සේවාවේ හා වෛද්‍ය සේවාවේ ගැටලු විසඳීම අමතක කර දමා වෘත්තීය සමිතිවලට වැඩවර්ජන උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ ලබාදී තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයාට හා පවුලේ පිරිස්වලට අවශ්‍ය වී තිබෙන්නේ වෛද්‍යවරුන් වැඩවර්ජනවලට ඇද දමා රෝගී ජීවිත අනතුරකට ලක්කිරීමට යැයි අද (03දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා සිටියේය.

popular news
-
sirisena Friday, 04 October 2019 02:44 PM
සෞක්‍ය ඇමතිට එම අමාත්‍ය අංශය පාලනයට බලතල තිබෙනවා , වුර්තිය සංගමයක් වන GMOA එක මෙය පාලනය කරන එකනේ ප්රශ්නය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

