සක්රයාගේ පුතා වයිමා ඉදිරිපත් වුනත් අපේ අපේක්ෂකයා දිනනවා
මෛත්‍රී මහින්ද එක්වී කතාබහ කරගෙන ඉදිරි ජනාධිපරණයට කෙනෙක් ඉදිරිපත් කරාවි. ඉදිරි ජනාධිපති ඡන්දයට යු.එන්.පී.විරෝධී සියලු බලවේග එකතු කරගෙන අපි පුළුල් සන්ධානයකින් තමයි මුහුණ දෙන්නේ. සක්රයාගේ පුතා වයිමා ඉදිරිපත් වුනත් අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම දිනනවා.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04දා )ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,
“ජනාධිපතිවරණය නොවේ මුලින් පැවැත්විය යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට මා ඉදිරිපත් වෙනවා. මා එදත් අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවදාවත් පක්ෂය හැරගියේ නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේයේ ප්‍රශ්න ඇතිවී තිබෙන බේද භින්න වී තිබෙන කාලයකයි මට ගාලු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකම ලැබුණේ. පක්ෂයේ ආසන සංවිධායකයින් සමග ඉදිරියේ දී සාකච්ජාවක් පවත්වා පාක්ෂිකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කරනවා. හිනිදුම සහ ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක පුරප්පාඩු පිරවිය යුතුව තිබෙනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට යු .එන්. පී විරෝධී සංවිධානයක් ලෙසට අපි මුහුණ දෙනවා.

popular news
-
Champa Tuesday, 05 February 2019 06:16 PM
මහින්ද නෙමෙයි ශක්‍රයාගේ පුතා වයිම කිව්වත් මිනිස්සු මෛත්‍රී ඉන්න පක්ෂෙකට හෝ මෛත්‍රීගේ අපේක්ෂකයෙකුට චන්දෙ දෙන්නේ නැහැ. අනික ලංකාවේ ඊළඟ නායකයා පොහොට්ටුවෙනුත් නෙමෙයි ඒ මොකොද කිව්වා නම් සිංහල ජාතිකත්වවාදය ප්‍රතික්ෂේප කරන, විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන, ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න ඕනේ කියන සහ බලය පුළුවන් තරම් බෙදන්න ඕනේ කියන බැසිල්ගේ පොහොට්ටුවෙන් එන මිනිහ කවුරු වුනත් ඔය උඩ කියපු දේවල් කරන නිසා, පොහොට්ටුවෙන් දැන් මිනිහ සියයට 50ක් ගන්නේ නැහැ. මේක කලිනුත් කියලා තියෙනවා. 2016 බැසිල් ආපු දවසේ ඉඳන් කරපු කියපුව ඔක්කොම කලේ මහින්දගේ චන්දෙ කඩන්න. ප්‍රාදේශීය සභා දිනුවේ මහින්ද නිසා මිසක් පොහොට්ටුව නිසා නෙමෙයි. පුදුම වැඩේ කියන්නේ මෙච්චර අවුරුදු 4ක් කියපු දේවල් වලට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්තියක් ඒකාබද්ධ විපක්ෂේ ඇතුළු පොහොට්ටුව දැන් කියන එක. එහෙනම් කවුද ලංකාවේ ඊළඟ ජනාධිපති? මාත් දන්නේ නැහැ. නමුත් නිසැකවම දැන් ඉන්න දේශපාලකයන්ගේ උදව්වෙන් චන්දෙ දිනන කෙනෙක් වෙන්න බැහැ. 80% ක සම්භාවිතාව තියෙන්නේ පාට පක්ෂ නැති ස්වාධීන මිනිහෙක්ට. දැන් ඉතින් කවුරුවත් නැහැ පේනන. ඒ වුනාට තවම ජනාධිපතිවරණෙ නැහැනේ.
Reply : 0 0
Champa Tuesday, 05 February 2019 06:29 PM
පළාත් සභා ගැන කතා කලොත්, ලංකාවේ කිසි මිනිහෙක්ට පළාත් සභා තියෙනවද නැත්ද කියල වගේ වගක්වත් නැහැ. පළාත් සභා චන්දෙ ඕනේ වෙලා තියෙන්නේ දේශපාලකයන්ට විතරයි. සාමාන්‍ය මිනිහෙක්ගෙන් ඇහුවොත් කියයි මහජන ධනය විනාශ කරන පළාත් සභා නැති එකමයි හොඳ කියලා. පහුගිය කාලේ මුළු රටම දැක්කනේ පළාත් සභා වලින්මහජන ධනය පාවිච්චි කලේ මොකොටද කියලා.
Reply : 0 0
chathuri Tuesday, 05 February 2019 06:49 PM
කවුරු කොහොම. කිව්වත් ජනතාවගේ. අතේ හැන්ද තියෙන්නේ. ඉස්සර. වගේ බලෙන් දැන්. බැහැ මීහරක්. රෑනක් ඉන්නවා. ඔලුවක් නැති. එලවල. දමන්න තමන්ගේ. බොක්ක. ගැන විතරයි. බලන්නේ. එහෙම උන්ගේ පවුලුත් අලි. පැටව් වගේ හොරකම් කර ල තම පවුලට කන්න. දෙනවා. අසරණ. ජනතාව. ඇටසැකිලි. වගේ ඒ. මිනිසුන්ගේ මුදල්. වලින් තමයි. අලි වගේ ඉන්නේ. බොරුවට. පාටක්. කියාගෙන මහින්දයව. ඉස්සරහට. ගෙන කටින් බතල හිටවනවා. බලය ගත්තට පසු සේරම ල. සුර සැප. එකෙක්ට. මොලයක්. නැහැ. සුද්ද. ඉන්නකොට. දිවය ලෝකේ වගේ. දන් පන. පිටින් අපායේ ජිවත් වෙන්නේ. 255 තමයි යම රජ්ජුරුවෝ මිනිසුන්ව තෙල් තාච්චියේ දමාගෙන. ගින්දර. දෙනවා ඒවුනාට. මල් වට්ටිය වරදින්නේ නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

