සංහිඳියා යාන්ත්‍රණය කඩාකප්පල් කිරීමට කටයුතු කරන අයවලුන්ට යුද හමුදා කඳවුරු තුළට ඇතුළුවීම තහනම් කරමින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සියලුම යුද හමුදා සාමාජිකයන්ට දන්වා ඇත.
සංහිඳියා යාන්ත්‍රණය කඩාකප්පල් කරන අයවලුන් සඳහා ප්‍රතිචාර දැක්වීම යන මැයෙන් යුද හමුදාපතිවරයා ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇත.
ජුලි මස 05දා යොමු කර ඇති ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ එවන් අයවලුන් එක්වෙන උත්සවයන්ද යුද හමුදා සාමාජිකයන් වර්ජනය කළ යුතු බවයි.
උපුටා ගැනීම
“ වසර 30 කාලසීමාවක් පුරා පැවැති යුද්ධය නිමාකරමින් ශ්‍රී ලංකාවට සම්පූර්ණ නිදහස උදාකර දීමට යුද්ධ හමුදාව මහත් පරිශ්‍රමයක් දැරූ අතර එහිදී අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් යුද්ධ හමුදාවට අහිමි වී තවත් විශාල ප්‍රමාණයක් යුද භූමියේදී තුවාල ලබා පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයටද පත් වූහ.
යුද්ධය නිමාවීමෙන් පසුව රජය ගෙන යන මූලික ව්‍යායාමය වන සංහිඳියා යාන්ත්‍රණය පණ ගැන්වීමට මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශාල දායකත්වයක් ලබාදෙමින් කටයුතු කරමින් සිටින අතර ඒ තුළින් උතුරු නැගෙනහිර ජනතාවගේ හොඳ හිත දිනාගනිමින් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ලබාදීමට යුද්ධ හමුදාව වශයෙන් අපට මේ වන විට හැකියාව ලැබී ඇත.
එහෙත් ඇතැම් අවස්ථාවලදී දේශපාලඥයන්, විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම ඇතැම් සිවිල් ක්‍රියාකාරීන් රජය හා යුද්ධ හමුදාව ගෙන යන මෙම සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් ත්රස්තවාදීන්ගේ ක්‍රියාදාමයන් අගය කරමින් සාමයට ළැදි උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන අතර එමගින් ඔවන්ගේ සිත්සතන් තුළ යළිත් යුද්ධයේ විෂබීජ වපුරවමින් කටයුතු කරන බැව් නිරීක්ෂණය වී ඇත.
එසේම එවන් අයවලුන් කවුරුන්ද යන වග ජනමාධ්‍ය මගින් මේ වන විටත් හෙළිදරව් වී ඇත.ඒ අනුව ඉහත දක්වා ඇති පරිදි සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුළුමනින්ම හෙළා දැකිය යුතු වෙයි.
ඊට විරෝධය පළ කිරීමක් ලෙස එවන් අයවලුන් හට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් දන්වා සිටින අතර ඔවුන් සහභාගීවන කිසිදු උත්සවයකට සහභාගීවීමට හෝ කිසිඳු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දක්වීමක් සිදුනොකරන මෙන් ගෞවරනීය යුද්ධ හමුදා සාමාජිකයන් මෙන් ඔබ සැම වෙත දන්වා සිටිමි.”
උපුටා ගැනීම අවසන්
