සංවිධානාත්මක අපරාධකරුවෝ තරගයට වවුචර්පත් බෙදති
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන ශාන් අරෝශ් ජයසිංහ හෙවත් මතුගම ශාන් නැමැත්තාගේ උපන්දිනය සමරා මතුගම ප්රදේශයේ තෑගි වවුචර බෙදා හැර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අඩු ආදායම්ලාභී පුද්ගලයන් 300 අධික පිරිසකට සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීමට හැකි රුපියල් 5000 වවුචර් පත් ප්රදානය කර ඇත්තේ මතුගම අළුත්ගම පාර ජිවන් විතාන මාවතේ නිවසේදී ශාන් නමැත්තා ගේ බිරිඳ විසිනි.
තවත් සියයකට ආසන්න පුද්ගලයන් පිරිසකට නොබෝ දිනකින් වවුචර්පත් ලබාදීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.
මතුගම ශාන් නමැත්තා ගේ උපදෙස් මත මතුගම බාලිකා පාරේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල අනුබලදීම යටතේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශාන් නැමැත්තාගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත වී සිට මීට සති 3 කට පමණ ඉහත දී ඇප මත නිදහස්ව පැමිණීමේ දී මතුගම ඔරලෝසු කණුව අසලදී ඇයට මල් මාලා පළඳවා ඉමහත් හරසරින් පිළිගෙන නිවසට කැඳවාගෙන පැමිණි බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

