පසුගිය කාලය තුළ දිවයිනේ පළාත් කිහිපයකට පමණක් සීමා වූ සංවර්ධනය හේතුවෙන් ඇතිවූ සංවර්ධනයේ විෂමතාවය දුරලමින් සමබර සංවර්ධනයක් රටටම ලබාදීමට පුළුල් වැඩපිළිවෙළක් අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකළ සංවර්ධන වැඩසටහන් 180 ක් ජනතා අයිතියට පවරාදීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (01දා) පෙරවරුවේ එක් වෙමිනි.
පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතා හිතසුව පිණිස කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන සැලැස්ම වන පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6,000 කි.
