ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම වෙනුවෙන් සංචාරක හිතැති ත්‍රිරෝද රථ සේවාවක් (ටුක් ටුක්) හඳුන්වාදීමේ පළමු වැඩසටහන යටතේ විශේෂ පුහුණුවක් ලැබූ ත්‍රිරෝද රථ රියදුරන්ට සහතිකපත් සහ ඔවුන් සංචාරක කර්මාන්තයට යොමු කිරීමේ නියමු වැඩසටහන අද (30දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී සිදුවිණි.
අදාළ වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාවට නංවා තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණු පාඨමාලාවක් හඳුන්වාදී ඇති අතර එය සම්පූර්ණ කළ ත්‍රිරෝද රථ රියදුරන්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලබා දෙන සහතිකයක්, ස්ටිකර් සහ විශේෂ හැඳුනුම්පතක් ලබාදීමට මෙහිදී පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන යටතේ පුහුණුවලත් රියදුරන් හඳුනාගෙන වඩා ඵලදායී සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට සහ වඩාත් ආරක්ෂිත සහ සංවිධානාත්මක සංචාරක තෝරාගැනීම් සඳහා දේශීය හා විදේශීය සංචාරකයන්ට ඉඩ සැලසෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරිනි