ෂැංග්‍රීලා බෝම්බකරුගේ සමාගම කොලෝෂියස් බව දන්නේ නෑ
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රහිම් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
තමන් ඉන්ෂාෆ් පිළිබඳව දැනුවත් බවද ඔහු ප්‍රකාශ කළේය. දැනට අත්අඩංගුවේ පත්වන කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රයිම් හජ්ජියාර්ගේ එක් පුතෙකු වන ඉන්ෂාෆ් බිරිඳගේ පියා රිෂාඩ් බද්යුදීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙයි.
“ අමුද්‍රව්‍ය දෙක එක අපේ වගකීමක්. ප්‍රශ්ණයක් වුණාට පස්සෙ තමයි මේක එළියට ආවේ. අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. කොතනහරි වැරදීමක් වෙලා තිබෙනවානම් දඬුවම් දෙන්න ඕන.
කවදාවත් ඉන්ෂාප් කියන එක්කෙනා මාව හමුවෙලා කොම්පැණිය ගැන කියලා මාව හම්බෙන්න ආවේ නෑ. ඔයාලා විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන්. ”
ඉන්ෂාප්ගේ සමාවට සීමාව ඉක්මවා හිස් තුවක්කු උණ්ඩ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

popular news
-
මුණසිංහ Tuesday, 30 April 2019 01:38 PM
මුකුත්ම දන්නෙ නැති තොත්ත බබා. තොටිල්ලක දාලා නලවන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

