ශ්‍රී ලාංකිකයා ඝාතනයට එංගලන්ත ජාතිකයා වරද පිළිගනියි
බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලබමින් පීසා අවන්හලක සේවය කළ ශ්‍රී ලංකා ජාතික තවීෂ ලකිඳු පීරිස් නම් තරුණයා ඝතනය කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු කසීම් අහමඩ් නැමැති 18 හැවිරිදි තරුණයෙකු වරද පිළිගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළ නඩු විභාගය ඊයේ (07දා) ෂෙෆීල්ඩ් උසාවියේදී කැඳවා තිබේ. එහිදී කසීම් වරද පිළිගෙන තිබේ. ඒ අනුව සැකකරුට අදාළ චෝදනා පත්‍රය ඉදිරියේදී සකස්කරනු ඇති බව යෝක්ෂයර් පෝස්ට් පුවත් සේවය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවීෂගේ පියා හා මව උසාවියේදී කරුණු දක්වා තිබේ. තවීෂ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 27 වැනිදා ඝාතනයට ලක්වූ අතර, එදින සිදු වූ තවත් සොරකම් දෙකකට කසිම් වරදකරු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු වන 25 හැවිරිදි සම්රේස් ඛාන් උසාවියේදී තමන්ට පවතින් චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. සිද්ධියට අදාළ නඩු විභාගය අද (08දා) දිනයේදීද පැවැත්වීමට නියමිතය.
තවිඳු පීරිස්
	
ප්‍රධාන සැකකරු කසීම් අහමඩ්
	
	.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                