ශ්‍රී ලනිප 16 කණ්ඩායම අද සිට ඒකාබද්ධය සමග
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා අද (02දා) සිට ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කිරීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය අද සිට 70ක් දක්වා ඉහළ යන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් 10 දෙනෙකු ඉදිරි දිනවල තම කණ්ඩායම සමග එක්වීමට නියමිත බවත්, මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ප්‍රමාණය 80 දක්වා ඉහළ යන බවත් ඒ මහතා පවසා සිටියේය.
මුලින්ම විපක්ෂයේ බලය පෙන්වා විපක්ෂ නායකකත්වය තම කණ්ඩායමට ලබාගැනීමට අරගල කරන බවත්, විපක්ෂනායකත්වය ඒකාබද්ධ විපක්ෂයට ලැබුණහොත් විපක්ෂනායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩ කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉන්පසු ඉදිරි ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත් කර මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙන කෙනෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත් කරන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
-
Don Monday, 02 July 2018 09:40 AM
This is not a new incident They were with JO from the inception of Coalition government
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

