ශ්රී ලන්කන් හා මිහින් ලංකා සමාගම්හි සිදුවූ දූෂණ හා අක්රමිකතා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ කාලය දිගු කිරීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ජනවාරි මස 31 පත්කළ කොමිසමේ මාස හයක කාලය ජුලි 31 දා අවසන්වූ අතර එම කොමිසමේ කාලය දෙසැම්බර් 31 දා දක්වා දිගු කරමින් ජනපති ලේකම් කාර්යාලය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
