ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ගවයන්, ඌරන් , එළුවන් වැනි සතුන්ගේ ශුක්රධාතු සහ වෙනත් සතුන්ගේ බිත්තර, කලල තීරු බදු රහිතව මෙරටට ගෙන්වීමට විදේශිකයන්ට අවස්ථාව ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 18 වැනිදා විජාතිකයන්ගේ භාණ්ඩ වර්ග 182ක බදු අත්හැර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ස්වජාතිකයන් වනසන විජාතිකයන් සනසන රජයේ බදු ප්‍රතිපත්තිය යටතේ විජාතිකයන්ට ශුද්රධාතු පවා නිදහසේ ගෙන්වීමට ඉඩදී ශ්‍රී ලාංකිකයන්ගේ ඇටමිදුළුවල සිට අවසන් වනතුරු අසීමිත බදු බරක් පටවා තිබෙන බව බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
