විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන විශාල ප්‍රමාණයේ ජම්බෝ රටකජු සඳහා විකල්පයක් ලෙස 'ශ්‍රී ලංකා ජම්බෝ' නමින් නව රටකජු ප්‍රභේදයක් හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
සැපීමට ඉතා පහසුවීම හා මිහිරි රසයකින් යුක්ත වීම මෙම රටකජු වර්ගයේ ඇති විශේෂත්වය වන අතර, බෝගය වගා කර දින 110 - 115ත් අතර කාලයකදී අස්වනු නෙළීමේ හැකියාව ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ විශාල බීජ සහිතවීම හා හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4400 ඉක්මවූ අස්වැන්නක් නෙළාගැනීමේ හැකියාවද ඇති බැවින් මෙම වර්ගය රටතුළ ව්‍යාප්ත කිරීම හරහා මෙට්‍රික් ටොන් 27,294ක් වූ ශ්‍රී ලංකාවේ රටකජු ජාතික අවශ්‍යතාව සැපිරීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇති බවයි.
ඒ අනුව රටකජු ආනයනය සඳහා වාර්ෂිකව විදේශයට ඇදී යන රුපියල් මිලියන 700කට ආසන්න මුදලක් රට තුළ ඉතිරිකරගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ අතර 'ශ්‍රී ලංකා ජම්බෝ' රටකජු ප්‍රභේදය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත හඳුන්වාදීම අඟුණුකොළපැලැස්ස මාශ හා තෙල් භෝග පර්යේෂණ ගොවිපොළේදී පසුගියදාසිදු කෙරුණු අතර, එහිදීඅමාත්යවරයා ප්‍රකාශ කර සිටියේ පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව,මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් රටකජු වගාකිරීමේ කෘෂිකාර්මික කලාපයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි.

