ශ්‍රී ලංකාව කැනඩාවට කනස්සල්ල ප්‍රකාශ කරයි
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් අංක 104 දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල කැනඩාව වෙත ප්‍රකාශ කර තිබේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (10දා) කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා විදෙශ අමාත්‍යාංශයෙදී හමුවූ අවස්ථාවේදී මෙසේ කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී ඇති බවට කැනඩාව විසින් සොයා ගැනීමක් කර නොමැති බව තහවුරු කර ඇති කැනඩා රජයේ නිල ස්ථාවරයට පටහැනිව, ශ්‍රී ලංකාවේ ‘ජන සංහාරයක්’ සිදුව ඇති බවක් ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් සොයා ගෙන ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඔන්ටාරියෝ හි උප ආණ්ඩුකාරවරිය විසින් එම පනත් කෙටුම්පත සඳහා ලබා දුන් රාජකීය අනුමැතිය අත්හිටුවීම සඳහා කැනේඩියානු රජය වහාම මැදිහත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
මෙම රැස්වීමට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා, මෙම 104 දරන පනත් කෙටුම්පත හේතුවෙන් ප්රතිසන්ධාන ක්‍රියාවලියට, සාමය ගොඩනැගීමට හා පොදුවේ ද්විපාර්ශ්වික සබඳතාවලට ඇති විය හැකි හානිය පිළිබඳව විස්තර කළේය.
විවිධ අංශවලින් ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කැනේඩියානු රජයට ස්තූතිය පළ කළ විදේශ අමාත්‍යවරයා, මහ කොමසාරිස්වරයා සමඟ පුළුල් පරාසයක ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

popular news
- 
                            
Samson de silva Tuesday, 11 May 2021 07:55 AM
Ha! Ha!! Ha!!! Canada parlimenthuwe sammathawunu panathak gana Gune seeya kanassalla pala karayi. Thope kanassalla roll karalaa gahana thena gana Canadaawa kiyaawi. Lanka parlimenthuwata idiripath kerena Port city panatha gana Canadaawa kanassalla pala keruwoth kohoma wewida? Aiyo Gune seeyaa, wihilu karanna epaa. Sri Lankaawa batahira ratawalata joke ekak welaa iwarayi.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                