www.ada.lk
2026 ඔක්තෝබර් මස 27 වන අඟහරුවාදා
ශ්රී ලංකාවේ වරාය සංවර්ධනය, පුළුල් කරණය, නවීකරණය හා තාක්ෂණික යවත්කාලීනය සඳහා දායකත්වය ලබා දීමට සූදානම් බව සිංගප්පූරු වරාය අධිකාරිය පැවසීය.
ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (18 දා) පස්වරුවේ සිංගප්පූරු වරාය පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේ සිංගප්පූරු වරාය අධිකාරියේ දකුණු ආසියානු කලාපීය ප්රධාන විධායක නිලධාරී ඔං කිම් පොං (Ong Kim Pong) මහතා පෙන්වා දුන්නේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය නවීකරණය සම්බන්ධයෙන් තමන් දැනටමත් අධ්යයනය කර ඇති බවය.
ශ්රී ලංකාවේ ත්රිකුණාමල සංවර්ධන සැලැස්ම සිංගප්පූරු සමාගමක් වූ සුබානා ජුරො ආයතනය විසින් සකස් කර ඇති හෙයින්, ත්රිකුණාමල වරාය සංවර්ධනය පිළිබඳව ද අදහස් ඉදිරිපත් කරන ලෙස සංවර්ධන උපාය මාර්ග සහ ජාත්යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්ය මලික් සමරවික්රම මහතා සිංගප්පූරු වරාය අධිකාරී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
සැප බසයක් පෙරළී දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd