ශ්‍රී ලංකාවේ පළමු වරට කුෂ් කංසා කටුනායකදී අත්අඩංගුවට
කුෂ් (Kush) නැමැති වඩාත් වැඩි දියුණු කරන ලද ව්දේශීය නිෂ්පාදිත හයිබ්‍රීඩ් ගංජා තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් අද (31 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය 24 හැවිරිදි ඉරාන ජාතික ගෘහ නිර්මාණ ශිල්පිනියකි. මෙම කාන්තාව ඉරානයේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඇය රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ග්රැම් 400 ක් බර මෙම ගංජා තොගය සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඒවා සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
මේ වර්ගයේ ගංජා තොගයක් ශ්‍රී ලංකාවේ දී අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද පැවැසෙයි. උතුරු පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පිහිටි හින්දුකූෂ් කදුවැටිය ආශ්‍රිතව වැවෙන මෙම ගංජා විශේෂය 1970 දශකයේ දී සොයා ගැනීමෙන් අනතුරුව ඒවාට මෙසේ කුෂ් යන නාමය යොදා ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
