ශ්‍රී ලංකාවේ කෝවිඩ් පාලනය ඉන්දීය රජයේ ඇගයුමට
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට පමණක් නොව ලෝකයේ සියලු රටවල් වලට විශාල බලපෑමක් එල්ල කළ බවත් ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගතය සාර්ථකව පාලනය කරමින් බිඳ වැටුණු ආර්ථිකය යළි නගාසිටුවීමට කටයුතු කරන මේ අවස්ථාවේ ඉන්දියාව ඊට අවශ්‍ය උපරිම සහාය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසිය.
මේ නිසා ලෝක ආර්ථිකයේ බිඳ වැටීමක් සිදුව තිබෙන බවද
ශ්‍රී ලංකාවේ ඉන්දීය කොමසාරිස්වරයා අද (18) ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසුවේය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා මල්වතු අස්ගිරි මහහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද ගිය අතර ඉන් අනතුරුව ඒ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා හමුවී සුහඳ පිළිසඳරක නිරත විය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආගමික,සංස්කෘතික හා දේශපාලනික වශයෙන් දීර්ඝ කාලීන බැඳීමක් තිබෙන බවත් තම සේවා කාලය තුළ එම බැඳීම් තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් බග්ලේ මහතා මෙහිදි පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

