ශ්‍රී ලංකාවට එරෙහිව වෙනමම යෝජනාවක් කරුණානිධි ඉල්ලයි
එළැඹෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව විසින්ද වෙනමම යෝජනාවලියක් සම්මත කරගත යුතු බවට හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ඩී.එම්.කේ. පක්ෂය විසින් යෝජනා ස්ථිර කර ඇත. අද (16) පැවති එම පක්ෂයේ සමුළුවකදී ඔවුහු මෙසේ සිය යෝජනා ස්ථිරකර ගෙන තිබේ.
මාර්තු මසදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවලියට අමතරව, මෙම නව යෝජනාවලිය ගෙන ආ යුතු බවද ඔවුහු පවසති.
සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කටයුතු කිරීම, ශ්‍රී ලංකාවේ සිදු වූවායැයි සැලකෙන මානව හිමිකම් කඩවීම් සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීම, ඉන්දියානු ධීවරයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඇතුළු යෝජනාවලියන් 15ක් මෙම සමුළුවේදී ඩී.එම්.කේ. පක්ෂය විසින් සම්මත කරගෙන ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

