ශ්‍රී ලංකාවට එරෙහි වූ වයිකෝ අත්අඩංගුවට
ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවලියට විරෝධය දක්වමින් ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ හා තවත් සංවිධාන 32ක නියෝජිතයින් කළ විරෝධතාවකින් පසුව වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රදවා ගැනීමට චෙන්නායි පොලීසිය කටයුතු කර තිබේ.
ඔවුහු චෙන්නායිහි පිහිටා ඇත් ඇමෙරිකානු කොන්සල් කාර්යාලට කඩා වැදීට උත්සාහ කොට තිබේ. විරෝධතාකරුවන් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා, ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව රැගත් දැන්වීම් පුවරු පුලුස්සමින් විරෝධතාවේ නිරත වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව දේශීය පරීක්ෂණයකට සහාය දැක්වීමට ඇමෙරිකාව යෝජනා කිරීම විරෝධතාවය දැක්වීමට හේතුව බව ඉන්දීය මාධ්‍ය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
