ශ්‍රී ලංකාවට ෂැවොලින් මධ්‍යස්ථානයක්
ෂැවොලින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
චීනයේ හෙනාන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර ජින් පින් හේ මහතාගේ ආරාධනයෙන් එම පළාතේ පැවැති සමුළුවක් අමතමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මේ බව සඳහන් කළේය.
එසේම මේ වන විටත් හෙනාන් හි වයිට් හෝස් ටෙම්පල් විහාරස්ථානයේ ශ්‍රී ලාංකික පන්සලක් පිහිටුවීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කර තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිවිය.
මෙවැනි ව්‍යාපෘති මගින් වැඩි චීන සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට හැකි වෙනු ඇතැයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නියෝජ්‍ය ආණ්ඩුකාර ජින් පින් හේ මහතා තානාපතිවරයාගේ මෙම අදහස් අනුමත කළ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

popular news
-
Demuni Uduwara Wednesday, 19 May 2021 05:47 AM
OMG! What happened to the 'Theravada' country ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

