ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි. මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගාරය කඩිනමින් ඉදි කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකක නිරත වීමෙන් අනතුරුව එම අධිකාරියේ නිළධාරින් සමග පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. රැස්වීම සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී පැවැත්විණ.
මෙම කෞතුකාගරය ඉදි කිරීමට ස්ථානයක් ද මේ වන විට හදුනාගෙන තිබේ. එය ගුවන් තොටුපළ හා ගුවන් සමාගම සතු අක්කර 80 ක ඉඩමකි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී උපදෙස් දුන්නේ කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ කොටි ප්‍රහාරයේ තොරතුරු ද ඊට ඇතුළත් කරන ලෙසයි.