කටුනායක ගුවන් තොටුපළ , ශ්‍රී ලංකන් " සෙරෙන්ඩිවා " විවේකාගාරය , මාස 11 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා තිබීමෙන් පසුව පසුගිය දා විවෘත කිරීම සිදු විය
දැකුම්කළු දුඹුරු වර්ණයෙන් නිමවා ඇති මෙම විවේකාගාරය , අභ්‍යන්තරය හරිත වර්ණයෙන් සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික බිතුසිතුවම් වලින් හැඩ ගන්වා තිබේ .
එකවර පාරිභෝගිකයන් 50 දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් සහිත මෙම විවේකාගාරය වෙත , ප්‍රනීත ආහාර පාන බුෆේ ක්‍රමයට සම්පාදනය කෙරේ .
මෙම විවේකාගාරය තුළ නොමිලේ අන්තර්ජාල සහ වයිෆයි පහසුකම් සළසා තිබේ .
ළඹෙමින් තිබෙන ශීත ඍතුවේදී ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන් ඇතුළු අනෙකුත් ගුවන් මගීන්ට මෙම විවේකාගාරය අතිශයින්ම ප්‍රයෝජනවත් විය හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශ්වාසය පළ කරයි