ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල මගීන්නේ විනෝදාස්වාදය සඳහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා හා විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීමේ කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන 5.92ක මුදලකට සීමාසහිත ඉන්ෆ්ලයිට් ඩබ්ලින් සමාගමට පවරා තිබේ.
මේ සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමැතිය ලැබී ඇත. 2018/10/01 දින සිට වසර තුනක කාලයකට අදාළව මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
