ශ්‍රී ලංකන් කේටරින් ගැන පරීක්ෂණ අවසන්
- 9 07 2016
- 12:02
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකන් කේටරින් සමගමේ සිදුවූ බව කියන වංචා සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා පිළිබඳ ජනපති කොමිසම විසින් කරනු ලැබූ විමර්ශණ ඊයේ (08දා) අවසන්ව කර තිබේ. ඒ පිළිබඳව සකස්කළ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයාට බාර දිමට නියමිතය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද අමාත්‍යධුරයක් දරන ප්‍රියංකර ජයරත්න මහතා, හිටපු ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු හය දෙනෙක් පසුගිය ජනපතිවරණ සමයේදි ශ්‍රී ලංකන් සමාගමේ වත්කම් අවභාවිත කළ බවට ජනපති කොමිසමට ලැබුණු පෙත්සමක් මත විමර්ශන ආරම්භ කෙරිණි.
නිවැරදි ලදුපත් හා ඉන්වොයිසි නොමැතිව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ආහාර පාන අමාත්‍යවරයාගේ බලපෑම මත සපයා ඇති බවටද පෙත්සමේ සඳහන් විය.
ඩේලිමිර්ර් ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
