ශ්රීලනිපය ආණ්ඩුවෙන් යයි?
පොදුජන පෙරමුණේ සාමාජිකයන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෑල්ලුවට ලක්කරන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ඇතුළු පිරිස් අඛණ්ඩව ආණ්ඩුව විවේචනය කරන බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නායකයන් පිරිසක්ද සාකච්ඡාවක් පවත්වා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෑත කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීමත්, ආණ්ඩුවේ ක්රියාකලාපයන්ට විරුද්ධව කටයුතු කිරීමත් හේතුවෙන් මෙම තීරණය ගත යුතු බවට අදාළ සාකච්ඡාවේදී අදහස් පළ වී ඇතැයිද කියවෙයි.
කෙසේ වෙතත් දැනට අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට කැමති නම්, තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිය අමාත්‍ය ධුරවල කටයුතු කිරීමේ අවස්ථාව ලබාදීමටද එහිදී එකඟතාව පළ වී ඇතැයිද තවදුරටත් දැනගන්නට ලැබේ.
popular news
-
Deepal Nirosh Wednesday, 12 January 2022 08:48 AM
කාට කාට අගුණ වුණත් මේ දික්කසාදය රටටනම් හිතකරයි. ඔහොම යං.
Reply : 0 0
Kumar Wednesday, 12 January 2022 04:36 PM
nogihin puluwanda palayan nokiya palaa bedanakota.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

