ශ්රි පාද වන්දනාවට විශාල ජනකායක් - වන්දනාකරුවන් අපහසුතාවේ
මෙවර සතිඅන්ත නිවාඩුවත් සමඟ නල්ලතන්නිය,ශ්රී පාද මාර්ගයෙන් ශ්රී පාද වන්දනාව සඳහා වන්දනාකරුවන් ලක්ෂ 02කට ආසන්න පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්රනාන්දු මහතා පැවසීය.
වන්දනාකරුවන් අධික නිසා නල්ලතන්නයේ සිට සීතගඟුල දක්වා පැය කීපයක දැඩි තදබදයක් පැවති බව පොලිස්ථානාධිපතිවරයා පැවසිය.
දිවයිනේ දුර බැහැර සිට පැමිණි වන්දනාකරුවන්ට මෙහිදී පැය දෙක තුනක් එකම ස්ථානයේ රැඳී සිටීමට සිදු වූ බව මෙම වන්දනාකරුවෝ පැවසූහ.
නල්ලතන්නිය නගරයේ, ශ්රීපාද බස්රථ ගාල් කිරීමට ප්රමාණවත් රථ ගාල් නොමැති හේතුවෙන් වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් හා වෑන් රථ නල්ලතන්නිය,මස්කෙළිය ප්රධාන මාර්ගයේ, නල්ලතන්යේ සිට කිලෝමීටර් 06 ක් පමණ දුරට මාවුස්සාකැලේ සමන් දේවාලය දක්වා මාර්ගය දෙපස ගාල් කිරීමට සිදු වීමෙන් නල්ලතන්නිය දක්වා එම දුර ප්රමාණය බොහෝ වන්දනාකරුවන්ට පයින් ගමන් කිරීමට සිදුවිය.
හැටන් ලංගම බස් ඩිපෝව මගින් කෙටි දුර සඳහා බස් රථ සේවයක් යොදවා තිබුණද වන්දනාකරුවන් අධික නිසා ශ්රී පාද කන්ද නැගීමට අමතරව තමන්ට තවත් කිලෝමීටර් ගණනක් පයින් ගමන් කිරීමට සිදුවූ බව වන්දනාකරුවෝ පැවසූහ.
වන්දනාකරුවන් රැසක් අතරමංව සිටි නිසා නල්ලතන්නිය පොලිස්ථානයේ සම්බන්ධීකරණයෙන් නල්ලතන්නිය,ශ්රී පාද මාර්ගයේ විසුරුවා හරින සමන්ගිර ශ්රී පාද අධිබල ශබ්ද විකාශන සේවාව මගින් එම වන්දනාකරුවන් තමන් පැමිණි නඩ හා සම්බන්ධ කිරීමට පියවර ගත් බවත් පොලිස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
මස්කෙළිය - ගාමිණි බන්ඩාර

popular news
-
Champa Sunday, 17 February 2019 03:13 PM
පොලීසියේ සේවය අගය කරනවා. ගමන දුෂ්කර වෙනකොට තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඉස්සර අපේ මුතුන් මිත්තෝ සිරිපාදේ ගිහින් තියෙන්නේ අන්තිම කැමති පත්තරේ ලියල. ඒ තරම් දුෂ්කරලු. ඉස්සර අපි පොඩි කාලේ ගෙදර ලයිට් ගිහහම තාත්ත අපිව ඉස්සරහ hood එක යට පඩි දෙක උඩ ඉන්දවගෙන ලංකාවේ ඉතිහාසය ගැන, රජවරු ගැන, බුද්ධාගම ගැන, දේශපාලනය ගැන කියා දෙනවා. එක පාරක් අපි ඇහැව්වා ඇයි බුදුහාමුදුරුවෝ සමනල කන්දටම වැඩියේ, ඇයි පිදුරුතලාගල කන්දට හරි කිරිගල්පොත්තට හරි නැතුව කියලා. එතකොට තාත්ත කිව්වා පැරැන්නන්ගේ මතයක් තියෙනවා සමනල කන්ද කියන්නේ ගිනි කන්දක්. බුදු හාමුදුරුවෝ සමනල කන්දට වැඩම කරලා සිරි පතුල තිබ්බේ සමනල කන්ද ගිනි කන්දක් වෙලා පුපුරලා ලංකාව විනාශ වෙන එක නවත්තන්න කියලා. ඉස්සරම ඉස්සර සිරිපතුල තියෙන තැන උඩ සිදුරක් තිබ්බලු. මිනිස්සු ඒකෙන් ඇතුල බලපුවහම ගින්දර වගේ දිලිසෙන ඝන යමක් දකිනවලු. මුලින් මිනිස්සු මැණික් කියලා හිතුවට තාත්ත කිව්වා ඒ ගල් වුනු ලාවා වෙන්න පුළුවන් කියල කවුද (මට මතක නැහැ) කියල තිබුනලු. මුහුදින් යට වෙලා තිබ්බ ලෝකයේ රටවල් උඩට ආවේ ගිනිකඳු පිපිරීම නිසා කියලා මුලින්ම ඉගෙන ගත්තේ තාත්තාගෙන්. පස්සේ පොත්පත් වල කියැව්වා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
