ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම අද කැබිනට් තීන්දුවෙන් පසුව
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳ අද (02දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතව ඇති අතර එම තීරණය අද දිනයේදී ගැනීමට නොහැකි වුවහොත් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සතියකින් පමණ ප්‍රමාද විය හැකි බව 'අද'ට වාර්තාවේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන අතර, එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය අවශ්‍ය වී තිබේ.
පහවසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 05 වැනිදා පැවැත්වූ අතර, ඒ සඳහා සිංහල හා දෙමළ මාධ්‍යවලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන්ලක්ෂ පනස් පන්දහස් තුන්සිය විසිහයක් පෙනී සිට තිබේ.
උත්තරපත්‍ර පරීක්ෂාව අගෝස්තු මස 15 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ පැවැත්විණි.
ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය වී තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට නියමිතය.අද (02දා) මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි නොවුවහොත් ඉන්පසුව කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත තිබෙන්නේ ලබන 09 වැනි අඟහරුවාදාය.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට ඕනෑම අවස්ථාවකදී නිකුත් කිරීමට හැකි ලෙස සකස්කර ඇතිබව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

popular news
-
Imesh Wednesday, 03 October 2018 07:08 PM
Hanagahapan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

