ශ්‍රිලනිප සහාය ගෝඨාභයට
ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරිමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.

popular news
-
Nandana Wednesday, 09 October 2019 01:08 PM
ඕක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ,ලංකාවම දන්නවා නිදහස් පක්ෂයට වැලේ වැල් නැහැ කියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

