ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතවරු 300ක්, සංවිධායකවරු 60ක් තවදින 3කින් අපේ වේදිකාවට ගොඩවෙනවා යැයි සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජය තහවුරු කිරිම වෙනුවෙන් බලංගොඩ, පැල්මඩුල්ල, ඇහැළියගොඩ ප්‍රදේශවල සංවිධානය කර තිබූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනරැළි සදහා එක්වෙමිනි.
පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා එයා හරක් මස් කන්නේ නැහැ. ඌරු මස් කන්නේ නැහැ, එළු මස් කන්නේ නැහැ, කුකුල් මස් කන්නේ නැහැ, තමුන්නාන්සේලාගේ මස් ඒක ප්‍රශ්නයක් නැහැ.
ලෝකේ හිටපු කුරිරුම පාලකයා හිට්ලර් එයත් ඒ වගේ තමයි. මස් කෑවේ නෑ. හැබැයි ජනතාවගේ මස් කෑවා. මිනිස්සු දහස් ගණන් මැරුවා. ඒයාගේ පොඩි ඒක තමයි මෙයා. ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කර මෙහෙම කරපු අයට රට දුන්නාම කොහොම කරයි ද? යුද්ධයෙන් පසු සාමය ගෙන්න තිබුණූ රටේ සාමය ගෙන්න බැරි වුණේ මහින්ද නිසා නොවෙයි, ගෝඨා නිසා. මේ රට අපකීර්තියට ලක් වුණේ ඔහු නිසා. මේ වගේ කුරිරු මිනිහෙක්ට මේ රට ලබාදෙන්නේ නැහැ මේ රටේ ජනතාව.
දැන් පොදුජන පෙරමුණේ අය කියනවා ඇල්පිටිය දින්නාලු. ගියපාරත් ඇල්පිටිය පැරදිලා තමයි අපි රට දිනුවේ. ගිය සැරේ සියයට 58යි. මේ සැරේ සියයට 56යි. දැන් ශ්‍රී ලංකා ඡන්දත් එක්ක ගළපනවා.
මේ වන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300 ක් පෙළ ගැසී සිටිනවා අපිත් එක්ක ඒකතු වෙන්න. හෙට අනිද්දා අපි ඒ අයවත් අරගෙන තමුන්නාන්සේලා ළඟට එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු 60 ගණනක් අපිත් එක්ක දැන් සංවිධානය වෙලා. ඒ ගෝඨාභය පරාද කරන්න. නිදහස් පක්ෂයේ උඩ කෑල්ල ගියාට යට කෑල්ල ඉන්නේ අපිත් එක්ක.
ඇල්පිටියේ ඡන්ද ලබාදුන්න සියයට 10 කවදාවත් පොහොට්ටුවට ඡන්ද ලබා නොදී ඉන්නේ නෑ. එයාලා යන්න අකමැති නිසා තමයි ආපසු නිදහස් පක්ෂයට ඡන්දය දුන්නේ. මේ ඇල්පිටියේ බලය අපි දවස් තුනකින් ඔප්පු කරලා පෙන්වනවා. දෙකම එකතු කරලා 70 පෙන්නලා පත්තරවල මුල් පිටුවේ දාපු අයට, ආපසු දාන්න අපි හෙඩ් ලයින් එකක් ලෑස්ති කරලා දෙනවා.
