වි මිල රු 50ක් කරන්නැයි මහින්ද ඉල්ලයි
ගොවියාගෙන් වී මිලදී ගැනිමේදි එම මිල රුපියල් 50ක් බවට පත්කරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ස්ථාවර නියෝග 27/2 යටතේ ඔහු පාර්ලිමේන්තුවට ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළේය.
එසේම ඔක්තෝබර් මාසයේදී තම ආණ්ඩුව බලයට පත්වූ කෙටි කාලයක් තුළ ලබාදුන් පොහොර සහනාධාරය හේතුවෙන් මෙවර කන්න 7කට පසුව මහ කන්නයේදි සාර්ථක අස්වැන්නක් ලැබීමට නියමිත බවද ඔහු පැවැසීය.
ඒ අනුව කුඹුරු ඉඩම් හෙක්ටයාර 7ක වී වගා කර ඇති බවත් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.3ක් බවද ඔහු පැවැසීය.
එසේම පොහොර සහනාධාරය අහිමි නොකිරිමට කටයුතු කරන ලෙසත් විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

popular news
-
Champa Thursday, 21 February 2019 01:34 PM
වී කිලෝ එකකට රුපියල් 50ක් ගෙවනවා කියන එක 2015 මහ මැතිවරණයේ UPFA චන්ද පොරොන්දුවක්. හැබැයි 2015 දී රජරට ශ්‍රී ලංකා එකේ ගොවීන්ගේ චන්දෙන් යූඑන්පී එකෙන් බලයට ආපු සහ පස්සේ මොහොකටවත් නැතිවුණු ජනාධිපතිවත්, ශ්‍රී ලංකා යහපාලන කෘෂිකර්ම ඇමතිවරුවත් ඕක කලේ නැහැ. වී කිලෝ එකකට රුපියල් 50 ක් දීලා නතර වෙන්න බැහැ. සහල් වලට පාලන මිලක් දාන්න ඕනේ. සතියකට විතර ඉස්සෙල්ල මම මේක CT එකටත් ලිව්වා. උදාහරණයක් විදිහට රුපියල් 40ට ගන්න සම්බා කිලෝ එක රුපියල් 110 කට විකුණන එක අනුමත කරන්න බැහැ. වී 40 ට ගන්නවා නම් සහල් මිල 60 වෙන්න ඕනේ. ගිය මාසේ කීල්ස් සම්බා කිලෝ 10, රුපියල් 1,100 යි. දැන් බලන කොට රුපියල් 1,120ක්. එක සති දෙකට රුපියල් 20 කින් වැඩි කරලා. හරිම අසාධාරණයි. සම්බා හාල් කිලෝ එකක සිල්ලර මිල මම දන්නේ නැහැ. කොහොමත් වැඩි ඇති. වී කිලෝ එකක් රුපියල් 50ට ගන්නවා නම් සහල් කිලෝ එකක් විකුණන මිල රුපියල් 75 වෙන්න ඕනේ. දැන් තියෙන විදිහට රුපියල් 50ට ගත්තොත් සහල් විකුණයි රුපියල් 120ට හෝ 130ට. ඒක හරිද? වී සහ සහල් මිල අතර අනිවාර්යයෙන්ම අන්තර් මිල සම්බන්ධතාවයක් තියා ගන්න ඕනේ.
Reply : 0 0
Champa Thursday, 21 February 2019 05:32 PM
රසායන පොහොර වලට මම විරුද්ධ නිසා අස්වැන්න වැඩි වුනා කියලා උදම් වෙන්නේ නැහැ. මේක කුඹුරු හෙක්ටයාර් 7කට නෙමෙයි, හෙක්ටයාර් 700,000 ක් වපුරලා, හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4.7ක් ගන්න ඕනේ අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන් 3.3ක් වෙන්න. 2015 සංඝණනය අනුව හෙක්ටයාර් 964 කින් මෙට්‍රික් ටොන් 3381ක් ලැබිල තියෙනව. ඒ කියන්නේ සාමාන්‍යය අස්වැන්න හෙක්ටයාර් 1කට, මෙට්‍රික් ටොන් 3.5යි. මේ අනුව කෘෂි රසායන පොහොර දුන්න කියලා හෙක්ටයාර් 1කකට වැඩි වෙලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 0.9යි හෙවත් බුසල් 44ක් හෙවත් කිලෝග්‍රෑම් 1212ක් (බුසල් 1=කිලෝග්‍රෑම් 27.5) සහ අක්කරයකට වැඩි වෙලා තියෙන්නේ කිලෝග්‍රෑම් 490ක් (හෙක්ටයාර් 1=අක්කර 2.47) සහ බුසල් වලින් නම් අක්කරයකට බුසල් 17කින් සහ වී ගෝනි වලින් නම් ගෝනි 6කින්. හිටපු ජනාධිපතිතුමා, ඔබේ ජනාධිපති අපේක්ෂකයා මම කැමති කෙනෙක් වුනොත් හෙක්ටයාර් එකකට දැන් ගන්න මෙට්‍රික් ටොන් ප්‍රමාණය වගේ තුන් හෝ හතර ගුණයක් ගන්න විදිහක් කියන්න පුළුවන්. මට ගොඩ ඉඩම් අක්කර100ක් දුන්නොත් රසායනික පොහොර නැතුව එක බෝගයක 5kg කින් රුපියල් 40,000ක් විතර අරන් දෙනවා. කැලයක් දුන්නොත් එක ගහක් කපන්නේ නැතුව වෙන වගාවක් කරල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

