වෙළෙදපලේ ගෑස් හා කිරිපිටි හිඟයක් ඇතිවන්නේ නෑ
වෙළඳපොළ තුළ ඉදිරියේදී ගෑස් සහ කිරිපිටි හිඟයක් ඇති නොවන බවත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් පවතින මිලටම අලෙවි කෙරෙන බවත් සමුපකාර සේවා ,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අද (12) කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල වෙනස් නොවන අතර ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක් රුපියල් 1856කටද කිලෝ ග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරයක් රුපියල් 743ක මිලකට විකීණීමට එම සමාගමට හෙට සිට වුවද හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ලාෆ් සමාගම කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1968ක් හා කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 788ක් දක්වා වැඩිකිරීමට පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙන අතර පාරිභෝගික සේවා අධිකාරිය මෙම මිල ගණන් ඉහළ දැමීමට යෝජනා ලෙස ඉදිරිපත් කර ඇත්තේ කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් සඳහා රුපියල් 363 ක් සහ කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක් සඳහා රුපියල් 145ක් ලෙසය.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ අනු කමිටුවේ වාර්තාවට අනුව මෙම සමාගම් පසුගිය කාලවල සිදුකළ අකාර්යක්ෂමතාව තුළීන් යම් අතිරේක පිරිවැයක් දැරීමට සිදු වූ බවත් ලෝක වෙළඳපොළේ පොළේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදු වුවද එය පාරිභෝගික ජනතාව වෙත ලබා නොදීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳ පොළ තුළ ගෑස් හිඟයක් මතුවීමට හේතු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කිලෝග්රැම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩර නැවත වෙළඳපොළෙන් මිලදී ගත හැකි වේ.ලබන මාසයේදී ඒකාබද්ධ මිලදී ගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමිවී ඇති බැවින් වෙළඳපොළ තුළ ගෑස් සහ කිරිපිටි හිඟයක් මතුනොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
popular news
-
Dayan Thursday, 12 August 2021 04:23 PM
Surly the milk power will be there. But at higher prices. Dumb ministers fooling you.
Reply : 0 0
L.G.P.Jathunarachchi. Thursday, 12 August 2021 09:26 PM
Established another Gossip !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

