වෙලේ සුදාට හා සියාම්ට මුදල් හා සිම්පත් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේසුදාට හා මොහාමඩ් සියාම් නැමැති විශේෂ ඝණයේ අපරාධකරුවන් දෙදෙනාට මුදල් හා සිම්පත් ලබා දිමට පැමිණි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්යබළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, බලපිටිය ප්රදේශයේ පදිංචි අයෙකි. රැඳවියන් දෙදෙනා මුදල් රු: 150000/= සිම්කාඩ්පත් 02ක් ලබාදිමට යාමේදිමෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධව සිදුකල විමර්ශණ වලදි අනාවරණය වි ඇත්තේ සැකකරුගේ ඥාතියෙකු වන නල්ලුරුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම මුදල් ලබාදි බූස්ස බන්ධනාගාරයට ගෙනියන ලෙසත් එහිදී මුදල් ලබා දෙන්නේ කාටද යන්න දැනුම්දෙන බවත් පවසා ඇත.
ඒ අනුව සැකකරු එම මුදල් රැගෙන පැමිණ බුස්ස බන්ධනාගාරයේ ඇති ආපන ශාලාවේ රැදි සිටියදි ඔහුගේ ජංගම දුරකතනයට ලැබුණු එස්.එම්.එස්. පණිවිඩයක් අනුව ඉහත සැකකරුවන්ට මෙම මුදල් හා සිම්පත් දෙකක් භාරදිමට යාමේදි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්න සඳහා රජ්ගම පොලීසියට භාරදි ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

